ආදරය, විරහව ජීවිතයේ ලද එක් පන්නරයකි
අතවැල් බැද බස් රථයේ ගමන්න්ගන්නා ඔහු හෝ ඇය ගමනාන්තය තෙක් එකදු හෝ වචනයක් තෙපලන්නේ නැත ආදරයේ අනුරාගීත්වය වෙනුවට හද පත්ලේ නැගෙන යම්කිසි වූ හැගීමකින් වෙව්ලා යන ඔව්න් සිදුකරන එකම චලිතය නම් විටෙන් විට දෑත් තුඩු එකට තද කිරීම පමනි.
එකිනෙකා පරයා එසවීමට වෙර දරන්නාවී සමාජයේ ආදරයේ බලාපොරොත්තු සතු කර ගැනීමට වෙර දරන්නවූ පුංචි කුරුලු පැටව් විභාගය හා ආත්මාර්ථය හමුවේ විසිරී යයි. මේ බස් රථයේම විහිලු, සෙනෙහස, නුරාව පිරි දෙබස් වියැකී යන්නේ මන්ද යත් ඔව්න් දපල පමනක්ම දැනසිටීම ප්‍රමාන්වත් ය. සිතන අයුරින් ජංගම දුරකථනයක් වත් නොමැති ඔව්න් දපල වසර ගනනක් මුළුල්ලේ රැකගත් ආදරය හැමදාම පාසලේදී හමුවෙන අවස්ථාව අදින් නිමා වෙයි. වසර ගනනක් එකිනෙකා නොදැකීමට බලා පොරොත්තුවෙන් අවසාන මොහොත ගත කරන ඔව්න් ආදරය හා විශ්වාසය හා මිනිස් චයිතසිකයේ ස්වාභාවය හමුවේ සිදුකරන දීර්ග සටනකට සූදානමින් ඔහු බසයෙන්බැස යන්නේ නැවත ඇය කවදා හෝ තමන් සතුවන්න යැයි බොලද හැගීමකිනි
DZ
Comments
Post a Comment